2023 ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ අනුශූරතාව
කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට

ඔක්තෝම්බර් 20, 2023

ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානය - රන්ටැඹේ වෙතින් 2023 වර්ෂයේ පවත්වන ලද සමස්ත ලංකා ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ බාලක අනුශූරතාවය කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩායම විසින් පසුගියදා දිනා ගන්නා ලදි.

මේ අතර, සැප්තැම්බර් 9 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැති මෙම ශූරතා කුසලාන තරඟාවලියේ ඝණ සරඹ බාලිකා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කුරුණෑගල ආරක්‍ෂක සේවා විදුහල් බාලිකා කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය සමත්විය.