බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ඔක්තෝම්බර් 25, 2023

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මැතිතුමා අඟහරුවාදා දින (ඔක්. 24) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ව ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.

කොළඹ පිහිටි සිය කාර්යාලය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක ද නිරත විය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි විය.