කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’
යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඔක්තෝම්බර් 27, 2023

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව, දිගින් මීටර් එකසීය තිස් පහක් (135) හා නැව් මුළුව දෙසිය හතළිස් නවයක (249) ගෙන් සමංවිත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Captain Kim, Hyoung Churl කටයුතු කරනු ලබයි.

එමෙන්ම, අද දින (2023 ඔක්තෝබර් 26) ‘ROKS KWANGGAETO THE GREAT’ නෞකාව තුල පැවති සාකච්ඡාවක් සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

තවද, ‘ROKS KWANGGAETO THE GREAT’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, නිල සංචාරය අවසන් කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk