33 වන අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීම - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

නොවැම්බර් 06, 2023

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර 33 වැනි වරට පැවැත් වූ වාර් ෂික අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීම 2023, පසුගිය සිකුරාදා (නොවැ. 03) දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර් ථකව පවත්වන ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

මෙවර රැස්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදා දූත පිරිස ඉන්දියාවේ තමිල්නාඩු සහ පුදුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් රවි කුමාර් දින්ග්‍රා ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

සාකච්ඡා අතරතුර දී දෙපාර්ශවය විසින් දෙරටේ මුහුදු සීමාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අන්‍යොන්‍ය වශයෙන් වැදගත් ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර, මීට පෙර පැවති රැස්වීම්වල සාකච්ඡා කරන ලද කරුණු වලට අදාල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කල බව වැඩිදුරටත් පවසයි.