යුධ හමුදාව තඹලගමුව ප්‍රදේශයේ පවුලකට නව නිවසක් ඉදිකරයි

නොවැම්බර් 07, 2023

ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් විසින් තඹලගමුව ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවස පසුගියදා සංවිධානය කරන ලද චාම් උත්සවයකදි චිත්‍රා වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා පවුල වෙත පවරා දෙනු ලැබිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බලප්‍රෙද්ශයේ, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ඉඩම ලබාදී ඇති අතර, රුපියල් මිලියන 1.35 මුල්‍ය ආධාර හා ගොඩනැගිලි ද්‍රව්‍ය ද නිවස ඉදිකිරීමට ලැබුණු බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයහි 22 වන පාබල සේනාංකය යටතේ ඇති 223 පාබල බලසේනාවේ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් මෙම නිවස ඉදිකරන ලදි.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටආරච්චි මහතා‍, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මිය, හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින්, ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම නිවස ලබාදීමේ කිරීමේ උත්සවයට සහභාගී වූහ.