ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 14, 2023

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් ආනන්ද් මුකුන්දන් අද (නොවැ. 14) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් ඉන්දීය ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, දෙරට අතර  ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්වීය. මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් කපිතාන් මුකුන්දන්ගේ නව පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.