රණවිරු දත්ත පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කෙරේ

නොවැම්බර් 17, 2023

රණවිරු සේවා අධිකාරියේ ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද විවිධ ව්‍යාපෘතීන් වලට අදාල දත්ත එකම අවකාශයක මධ්‍යම දත්ත ගොනුවක් ලෙස නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැ 15) රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.

රණවිරු සේවා අධිකාරියේ සහ සෙනෙහස අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී මේජර් අනෝජ් ද සිල්වා විසින් මධ්‍යම දත්ත පද්ධතියක් නිර්මාණය කිරිම සදහා සිදුකල යුතු ක්‍රියාකාරකම් ඇතුලත් සැලැස්මක පිලිබදව පැහැදිලි කරන ලදි.

තවද, යුද සහ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශයන්හි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී මධ්‍යම තොරතුරු පද්ධතිය කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කරුණු සමාලෝචනය කරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක, යුද හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නන්දන වීරතුංග, ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි සහ රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදි.