ඉරිදා දින පාසැල් වටා විශේෂ සෝදිසි මෙහෙයුම්

මැයි 05, 2019

සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත. මෙම විශේෂ ආරක්ෂක විධිවිධානවලට අමතරව, එක් එක් පොලිස් කොට්ඨාසයේ පාසල් සඳහා ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් සැදුම් ලත් අතිරේක ආරක්ෂක කමිටු පිහිටුවීමට පාසැල් බලධාරීන් හා මව්පියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පියවර ගනු ඇත.

කොළඹ අවට පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාසල් අවට ප්‍රදේශ සෝදිසි කිරීමේ කටයුතු ඉරිදා දින සිදුකරනු ඇත. මේ පිළිබඳව අනවශ්‍ය අපහසුතාවයන් ඇතිවීම වැලක්වීමට සහ වැරදි අර්ථකතන ලබාදීම වැලක්වීමට පෙර දැනුම් දීමක් ලබා දෙනු ලැබේ.

විශේෂයෙන්ම කොළඹ පාසල් අසල ඉරිදා දින පස්වරු 1.00 න් පසු වාහන නවතා නොතබන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා ඇත. කොළඹ පාසල්වල පාසල් බස් රථ, වෑන් රථ සහ අනෙකුත් වාහන සඳහා විශේෂ රථගාලවල් හඳුන්වාදෙනු ලැබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ හඳුනා නොගත් මළ සිරුරු 56 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. මෙම සිද්ධියෙන් අතුරුදන්ව මේ වනතෙක් කිසිඳු තොරතුරක් නොලද ලංගම ඥාතියෙකු හෝ කිසියම් පුත්ගලයෙකු සිටිනම් ඒ පිළිබඳව ලංගම පොලිසිය දැනුවත් කරන ලෙස එම අයගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඒ අනුව මෙම සිරුර කොටස් හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

තමන් ළඟ තබාගෙන සිටින කඩු, කිනිසි ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත ගෙනගොස් භාර දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි. මෑතක දී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් තුලින් එවැනි ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. එවැනි අවි ආයුධ ළඟ තබාගෙන සිටින අයවලුන් සෙනසුරාදා සහ ඉරිදා (04 සහ 05) දිනවල ළඟම ඇති පොලිස් ස්ථාන වෙත ගෙනගොස් භාරදිය යුතුය. මීට අමතරව, ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නිල ඇඳුම් වලට සමාන ඇඳුම් ළඟ තබාගෙන ඇත්නම් ඒවාද මෙම දින දෙක තුලදී ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදිය හැකිය.

තවද සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ ව්‍යාජ තොරතුරු හුවමාරු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව පොලිස් නිලධාරින් දෙදෙනෙකු අතර දුරකථන සංවාදයක් බව හැඟෙන හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී. මෙය බොරුවට ගොතන ලද්දක් බැවින් එය අප විසින් ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙම ගොතන ලද සාවද්‍ය හඬ පටය සඳහා වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදු කරමින් පවතී. කටකථා සහ අසත්‍ය තොරතුරු පැතිරවීම වරදක් වන අතර එම කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

මේ පිලිබඳ තොරතුරු කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.