Bill & Melinda Gates පදනමේ නියෝජිත කණ්ඩායම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 12, 2023

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ Bill & Melinda Gates පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අතර හමුවක් ඊයේ (දෙසැ. 11) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී සිදුවිය.

Bill & Melinda පදනමේ හදිසි ප්‍රතිචාර පිළිබඳ හා ගෝලීය සංවර්ධන පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ, Dr. Valerie Bemo ප්‍රමුඛ දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, දකුණු ආසියාවේ සූදානම තුළින් තිරසාර ජාතික අපේක්‍ෂාකාරී ක්‍රියාමාර්ග දියත් කිරීමට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

Bill & Melinda Gates පදනම හි හදිසි ප්‍රතිචාර, ගෝලීය සංවර්ධන ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී Pilar Pacheco මහත්මිය, ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානයේ ප්‍රතිචාර සහ ප්‍රතිසාධනය සඳහා සූදානම් වීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිසිර මදුරප්පෙරුම සහ නිර්මලා ප්‍රනාන්දු මහත්මිය මෙම නියෝජිත පිරිසට අයත් විය.

ශ්‍රී ලංකාවේ වැඩසටහන් කිහිපයක් ඇතුළුව කලාපයේ ආපදා අවදානම් අවම කිරීම සඳහා Bill & Melinda Gates පදනම දිගුකාලීනව සහාය ලබා දී ඇත.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ද සහභාගි විය.