ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙහි නික්ම යන ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 13, 2023

කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිමකර නික්ම යන ආරක්‍ෂක උපදේශක, Captain Ian Cain අද (දෙසැ 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ඔහු සමඟින් ඔස්ට්‍රේලියානු නව ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston ද මෙම  සංචාරයට එක් විය.

ශ්‍රී ලංකාවේ ධූර කාලය තුළ Capt. Cain විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව සමඟ පැවැත්වූ විශිෂ්ට සබඳතාවය සහ මනා හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය.

ශ්‍රී ලංකාවේ සිය ධූර කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් හා ජෙනරල් ගුණරත්නගෙන් අඛණ්ඩව ලැබුණු සහයෝගය පිළිබඳව Capt. Cain සිය කෘතඥතාව ද පළ කළේය.

කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශකවරිය ලෙස මෑතකදී පත් වූ Col. Johnston වෙත ආරක්‍ෂක ලේකම්වරයා සිය උණුසුම් සුභ පැතුම් එක් කළේය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.