කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය 2022 වර්ණ රාත‍්‍රිය

දෙසැම්බර් 20, 2023

ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2022 වර්ණ රාත‍්‍රිය 2023 දෙසැම්බර් මස 12 වන දින සවස විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ‍්‍රවණාගාරයේදි පවත්වන ලදි.

එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් (විශ‍්‍රාමික& එස්එච්එස් කොට්ටේගොඩ සහ උපකුලපති රියර් අද්මිරාල් එච්ජියු දම්මික කුමාර යන මහත්වරුන් සහභාගි විය. තවද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති මේජර් ජෙනරාල් එල්සිආර් ජයසුරිය නියොජ්‍ය උපකුලපති (ආරක්‍ෂක හා පාලන& බ්‍රිගේඩියර් ඩිසිඒ වික‍්‍රමසිංහ මෙට්රොපොලිටන් මණඩපයේ මණ්ඩපාධිපති ගුවන් කොමදොරු ඞීආර්ඩබ් ජයවර්ධන කුරුණෑගල මණ්ඩපයේ මණ්ඩපාධිපති කොමදොරු එස්ආර් රූපසේන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ගෲප් කපිතාන් ඩබ්ඒඑන්බී වීරසේකර නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන& මහාචාර්ය කේඒඑස් ධම්මික ඇතුලූ සියලූම පීඨයන්හි පීඨාධිපතිවරුන් සහ අධ්‍යයන කාර්්‍ය මණ්ඩලය සමග වර්ණලාභින් 216 ක් මෙම වර්ණ රාත‍්‍රියට සහභාගි විය.

මෙහිදි මළල ක‍්‍රීඩා සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 28 ක්ද පිහිණුම් ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 21 ක්ද බර එසවීම සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 07 ක් ද හොකී ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 ක්ද මේස පන්දු ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 06 ක්ද ඔරු පැදීම සඳහා ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11 ක්ද වුෂු ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 03 ක්ද ක‍්‍රිකට් සඳහා ක‍්‍රීඩකයින් 11 ක් ද නෙට්බෝල් සඳහා ක‍්‍රීඩිකාවන් 21 ක් ද බොක්සිං සඳහා ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 16 ක් ද පාපන්දු සඳහා ක‍්‍රීඩකයින් 10 ක් ද කරාටේ ක‍්‍රීඩාව සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 41 ක් ද චෙස් ක‍්‍රීඩාව වෙනුවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 17 ක් ද හෑන්ඞ්බෝල් ක‍්‍රීඩාව වෙනුවෙන් ක‍්‍රීඩකයින් 08 ක් ද ස්කොශ් ක‍්‍රීඩාව වෙනුවෙන් ක‍්‍රීඩකයින් 07 ක් ද වර්ණ ලබාගත් අතර දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ජීඊවී ද සිල්වා වර්ණ දිනා ගන්නා ලදි. එසේම ජව සම්පන්න කෙඩෙට් නිලධාරි ලෙස කැඩෙට් ලාන්ස් කොප‍්‍රල් ආර්එම්පිබී රත්නායක වර්ණ ලබාගන්නා ලදි. ජවසම්පන්න කෙඩෙට් නිලධාරිනි ලෙස කැඩෙට් නිලධාරිනි ඞීජේඒඑම්ඞී අනුත්තරා වර්ණ ලබාගත් අතර දක්‍ෂතම පිහිණුම් ශූරයා ලෙස කැඩෙට් නිලධාරි එස්කේවී හතරසිංහ ද දක්‍ෂතම පිහිණුම් ශූරිය ලෙස කාන්තා කැඩෙට් නිලධාරිනි ආර්ඞී ජෝතිරත්න ශූරතාවයන් දිනාගන්නා ලදි. අතිශූර පිහිණුම් ක‍්‍රීඩකයින් ලෙස කැඩෙට් නිලධාරි කේකේඑස්එම් කුමාරසිරි සහ කැඩෙට් නිලධාරි ජිඞීපි ජයතුන්ග විසින් උපකුලපති ගෞරව සම්මානය දිනගන්නා ලදි.

අනුග්‍රහය - www.kdu.ac.lk