නව ආරක්‍ෂක අතිරේක ලේකම් (වැඩ බලන) සිය ධූරයේ වැඩ අරඹයි

ජනවාරී 04, 2024

අභිනවයෙන් පත් වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් - ආරක්‍ෂක  (වැඩ බලන) හර්ෂ විතානාරච්චි මහතා ජනවාරි 01 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය රාජකාරි භාර ගත්තේය.

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විතානාරච්චි මහතා දශක දෙකකට අධික සිය සේවා කාලය තුළ අමාත්‍යාංශ ගණනාවක මෙන්ම ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද රාජකාරි සිදු කර ඇත.

මෙම පත්වීම භාර ගැනීමට පෙර ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) ලෙස කටයුතු කරනු ලැබීය.