වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

ජනවාරී 14, 2024

ලෝක ආර්ථික සමුළුවේ 54 වැනි වාර්ෂික සමුළුවට සහභාගිවීම සඳහා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (ජන.13) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා එරට දින 12ක නිල සංචාරයක නිරත වනු ඇත.

එම කාලසීමාව තුල අද (ජන.14) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කර තිබේ.