ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යනය ආයතනය
බුද්ධිමය ගවේෂණයේ පහනක් ලෙස පෙනී සිටියි. - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 19, 2024

බත්තරමුල්ල හි පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ දී අද (ජන 19) පැවැති ‘Defence Review-2023’ සඟරාව එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සිය අදහස් දක්වමින් කියා සිටියේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට, දැනුම යනු බලයේ මූලාශ්‍රයක් පමණක් නොව එය අපගේ ආරක්‍ෂාව සහතික කිරීම සහ අපගේ නිදහස ආරක්‍ෂා කිරීම සඳහා මූලික පදනම බවයි.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් විසින් එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න උණුසුම් ලෙස පිළිගත් අතර, ඔහු විසින් වැඩසටහනේ පිළිගැනීමේ කතාවද සිදු කරන ලදි.

විද්වත් ලිපිවලින් යුත් වාර්ෂික ප්‍රකාශනයක් වන ‘Defence Review-2023’ ජාත්‍යන්තර සඟරාවේ පරමාර්ථය වන්නේ ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ භූ දේශපාලනය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවයක් ඇති ආරක්‍ෂාව සහ ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ පර්යේෂණ වේදිකාවක් සැපයීමයි.

 2017 දී ප්‍රථමයෙන් එළිදක්වන ලද ‘Defence Review’ සඟරාවේ මෙවර ප්‍රකාශනය ජාතික ආරක්‍ෂාවට අදාළ ප්‍රධාන තේමාත්මක ක්ෂේත්‍ර කිහිපයක් ආමන්ත්‍රණය කරන පත්‍රිකා හතරකින් සමන්විත හයවන වෙළුම ලෙස සනිටුහන් කරයි.

‘Defence Review-2023’ හි කර්තෘ මණ්ඩල ලේකම් ද වන චරණි පටබැඳිගේ මහත්මිය විසින් "Defending National Security: Uniting against Corruption and Bribery with Whistle-blower Empowerment" යන මැයෙන් වන ලිපිය ලියා ඇති අතර "Future of Information-Technology-Enabled Systems in the Military Forces and their Impacts on National Security: A Case Study of the Sri Lanka Air Force" යන මැයෙන් රචිත ලිපිය විංග් කමාන්ඩර් ගයාන් කහඳවලආරච්චි (විශ්‍රාමික) සහ ඩි එස් එස් එස් සූරියආරච්චි විසින් ලියා ඇත. ඉන්දීවරී ගලගම විසින් "Socioeconomic Factors for Sustainable Peace and National Security in Sri Lanka: A Comprehensive Analysis," යන මැයෙන් ලිපියක් රචනා කර ඇත. "The Geopolitical Importance of Sri Lanka as a Maritime Gateway in the Indian Ocean Region (IOR): Impacts and Implications" නමින් සුපාසානි ආරියවර්ධන මහත්මිය විසින් සිය ලිපිය රචනා කර ඇත.

කීර්තිමත් කර්තෘ මණ්ඩලය, මහාචාර්ය චමින්ද පද්මකුමාර, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික) සහ මහාචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය යන අයගෙන් සමන්විත විය. සම සමාලෝචන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ (විශ්‍රාමික), නියෝජ්‍ය පොලිස්පති යූ කේ මාරඹගේ, චමින්ද්‍රි සපරමාදු, ලුතිනන් කර්නල් එම් ඒ ඩී එස් මුතුගල සහ ලුතිනන් කර්නල් තුෂාර කත්‍රිආරච්චි (විශ්‍රාමික) යන අයගෙන් සමන්විත විය.