‘HMS Spey’ කොළඹ වරායට

ජනවාරී 29, 2024

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Spey’ නෞකාව ඉරිදා (ජනවාරි 28) කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නෞකාව පිළිගන්නා ලද බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

HMS Spey නෞකාවේ නැව්මුළුව නාවිකයින් 56 දෙනෙකුගෙන් සමන්විත වන අතර, මීටර් 90.5ක් දිග වෙරළ මුර යාත්‍රාවක් වේ.

දිවයිනේ සිටින අතරතුර, කාර්ය මණ්ඩලය දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිතය. HMS Spey බදාදා (ජනවාරි 31) පිටත්වීමට පෙර ශ්‍රී ලංකා නාවික නෞකාවක් සමඟ පුහුණු අභයාසයක් (PASSEX) පැවැත්වීමට ද නියමිත බව වැඩිදුරටත් පවසයි.