ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය පාකිස්ථාන නාවික නෞකාවේ සංචාරයක

පෙබරවාරි 01, 2024

නිල සංචාරයක් සඳහා පසුගිය අඟහරුවාදා (ජන 30) ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික නෞකා PNS Saif වෙත පැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා බදාදා (ජන 31) දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් අලි විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් පිළිගන්නා ලද අතර, පාකිස්ථානු වැඩබලන මහ කොමසාරිස් අතිගරු වජිඩ් හසන් හෂ්මි මැතිතුමාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගරු කථානායක තුමන්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හා නාවික හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.