76 වන නිදහස් දින උත්සවයේ සූදානම ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්‍ෂණයට

පෙබරවාරි 02, 2024

එළඹෙන 76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ ආචාර පෙළපාලිය හා අනෙකුත් කටයුතු වල සූදානම අද (පෙබ. 02) ගාලු මුවදොර දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් නිරීක්‍ෂණය කරන ලදි.

ජාතික අභිමානය සහ දේශප්‍රේමය ලොවට පිළිඹිබු කරන වාර්ෂික නිදහස් දින සැමරුම් උත්සවයේ නිදහස් දින පෙළපාලිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායට අයත් නිලධාරීන් 259ක් සහ සෙසු නිලයන් 6227ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න සමඟ අද පෙරවරුවේ පෙළපාලිය පෙරහුරු අධීක්‍ෂණය සඳහා සහභාගි විය.