යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

පෙබරවාරි 07, 2024

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරින්ද්‍ර පීරිස්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ. 07) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සුහද කතාබහක නිරත වෙමින්, ඔහුගේ  නව පත්වීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කළේය.
 
මේජර් ජෙනරාල් පීරිස්, ශ්‍රී ලංකා යුද හමුදාවේ 63 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස පසුගියදා පත් කෙරිණි.

සාකච්ජාවෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදුකෙරිණ.