ආරක්‍ෂක ලේකම්වරයා ඉරාන නාවික නෞකාවේ සංචාරයක

පෙබරවාරි 18, 2024

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (පෙබ 17) කොලඹ වරායට පසුගියදා සපැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRINS Tonb නෞකාවේ සංචාරයක නිරත විය.

ඉරාන නාවික හමුදාවට අයත් IRINS Tonb සහ Bushehr යන නෞකා ද්විත්වය නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා (පෙබ 16) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අති ගරු ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ්ගේ විශේෂ ආරාධනයකට අනුව ආරක්‍ෂක ලේකම්වරයා මෙම නෞකාවේ සංචාරයෙහි නිරත විය.

IRINS Tonb නෞකාවේ අණදෙන නිලධාරී, කමාන්ඩර් Mohammad Haji Zadeh විසින් ඊයේ සවස නෞකාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

නාවික හමුදාපති, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.