8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අලගල්ල කඳුවැටියෙන් ඇදවැටුණු
විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගනී

මාර්තු 11, 2024

611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාර්තු මස 10 දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලගල්ල කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.

වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කඳු තරණය සඳහා සහභාගී වී ඇති අතර ඔවුන් මාර්තු මස 09 දින එම කඳුවැටියේ රාත්‍රී කඳවුරු බැඳ සිට ඇති අතර පසුදින ඔවුන් අතරින් එක් විද්‍යාර්ථයෙකු එම කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ප්‍රපාතයට ඇදවැටී බරපතළ තුවාල ලබා ඇත.

මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වූ විගස 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.කේ.එල්.පී.කේ. සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් එම විද්‍යාර්ථයා වෙත අවශ්‍ය වෛද්‍ය ආධාර කඩිනමින් ලබාදීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

අනුග්‍රහය - www.army.lk