ශ්‍රී ලංකා යුද හමුදාව ශූරයන් බවට පත්වෙයි

මාර්තු 18, 2024

ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනය විසින් මාර්තු 11 සිට 13 දක්වා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලද 18 වැනි ජාතික වුෂු තරගාවලියේ ශූරතාව මෙන්ම 84 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් ශූරතාවලියේ සමස්ත ශූරතාවද හිමිකර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව සූරයින් ලෙස කිරුළු පැළදිය. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් මාර්තු 15 සහ 16 යන දෙදින ගල්කිස්ස වෙරළ තීරයේ දී මෙම තරගාවලිය පවත්වනු ලැබූ බව යුද හමුදා මාධ්‍ය පවසයි.

18 වැනි ජාතික වුෂු තරගාවලිය සඳහා යුද හමුදා තරගකරුවන් 41 දෙනෙකු සහභාගි වූ අතර ‘Sanda’ කාණ්ඩයේ රන් පදක්කම් 06ක්, රිදී 09ක් සහ ලෝකඩ පදක්කම් 06ක් සහ ‘Taolu’ කාණ්ඩයෙන් රන් පදක්කම් 07ක්, රිදී 04ක් සහ ලෝකඩ පදක්කම් 06ක් දිනාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

84 වැනි වාර්ෂික සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් ඉසව්වේ ශූරයන් ලෙස යුද හමුදා පිහිනුම් සමාජය ජයග්‍රහණය කල අතර,මෙම තරඟාවලිය සඳහා පිහිණුම් සමාජ, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායම් 47ක් නියෝජනය කරමින් තරඟකරුවන් 450කට අධික පිරිසක් සහභාගි වූහ. යුධ හමුදා ජල ක්‍රීඩා කණ්ඩායම ත්‍රිවිධ හමුදා ශූරතාව සහ පිරිමි ඉසව්වේ සමස්ත ශූරතාව දිනාගනිමින් තරඟාවලියේ ඉහළම ලකුණු ලබාගැනීමට සමත් වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.