ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ
ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරයි

මාර්තු 25, 2024

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (මාර්තු 25) අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ කරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමේ චාරිකාවක නිරත විය.

මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා, ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයා සහ නිලධාරීන් සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය සහ සේවාමුක්ත භට සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල යන ස්ථාන වල ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ විසින් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කරන ලද අතර, ජෙනරල් ගුණරත්න විසින් ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ඉංජිනේරු. ඩබ්ලිව් ආර් එන් ආර් ප්‍රේමචන්ද්‍ර මෙනවිය සහ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම අවස්ථාවට එක්විය.