යාපනයේ පදිංචිකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සමාජ සේවා ප්‍රතිලාභ ලබයි

අප්‍රේල් 05, 2024

යාපනය ආරක්‍ෂක සේනාවේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ඇමරිකාවේ පරිත්‍යාගශීලී දානපතියන්ගේ දායකත්වය ඇතිව කුඩා දරුවෙකු සිටින තනිවූ මවක් වෙත ආනන්දපුරම් හි ඉදිකරන ලද නව නිවසක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම පසුගිය අප්‍රේල් 02 දින සිදු කල බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

තවද,1 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ශාන්ත ෆාතිමා රෝමානු කතෝලික පාසලේ ස්ථාපිත කරන ලද පානිය ජල ව්‍යාපෘතියක් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදීම ද පසුගියදා සිදු කෙරිණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව දෙක පවත්වා ඇති අතර, කිලිනොච්චිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් මුලරිදරන්, ශාන්ත ෆාතිමා රෝමානු කතෝලික පාසලේ විදුහල්පතිනිය නිර්මලා වසන්තන් සොයුරිය සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මෙම උත්සව සඳහා සම්බන්ධ වූ බව එහි සඳහන් වේ.

මේ අතර, පසුගිය අප්‍රේල් 02 දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පිහිටි CIMIC උද්‍යානයේ 51 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනකට සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල පදිංචිකරුවන් 400ක් පමණ සහභාගී වී ඇති අතර, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. පහීරතන් සහ පහීරතන් මහත්මිය මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා අගනා බුද්ධිමය දායකත්වයක් ලබා දුන් බවද එහි සඳහන් වේ.