ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

අප්‍රේල් 08, 2024

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 5 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී පැවැත්විණි.

දක්‍ෂ සිසු සිසුවියන් දෙදෙනෙකුගේ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා මෙම ශිෂ්‍යත්ව දෙක පිරිනැමීම, ප්‍රසිද්ධ දානපතියෙකු වන මෙවන් ජයතිලක මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ලබාදෙනු ලැබීය. ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162 ක් ලබාගත් පොළොන්නරුව සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ එම්.කේ. කවිශ්ක දේශාන් ආරියරත්න සහ ලකුණු 150 ක් ලබාගත් පොළොන්නරුව, අලවකුඹුර මහා විද්‍යාලයේ ආර්.පී.ඩී.එස්.එස්. සවිඳි වික්‍රමසිංහ යන සිසු සිසුවියන් දෙපළ වෙත මෙම ශිෂ්‍යත්වයන් පිරිනැමිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒ.එච්.ඒ.ඩී. ආරියසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරු භවතුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk