‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ අරමුදලට රුපියල් මිලියන 5 ක පරිත්‍යාගයක්

දෙසැම්බර් 23, 2020

ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති සහ ‘බෞද්ධයා’ මාද්‍ය ජාලයේ සභාපති  පුජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ විසින් දීඝවාපි ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 5 ක ආධාරයක් අද (දෙසැම්බර් 23) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ලබාදෙන ලදී.

නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් මෙම පරිත්‍යාගය ලබා ගන්නා ලදී.

‘දීඝවාපි  ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන,  ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2020 නොවැම්බර් මස 11 වන දින අම්පාර දීඝවාපිය පරිශ්‍රයේදී ‘දීඝවාපි ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට මුල්ගල් තැබීය.