ප්‍රංශ තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 23, 2020

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු එරික් ලැවටු මහතා අද (දෙසැම්බර් 23) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

මෙම සැසිවාරයේදී ආරක්ෂක ලේකම් සහ තානාපතිවරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු  පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.