‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියට චීන තානාපති කාර්යාලයෙන් ඇමරිකානු ඩොලර් 45,460 ක පරිත්‍යාගයක්

දෙසැම්බර් 23, 2020

ආරක්ෂක අමාත්‍යාංශය  යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින සඳහිරු සෑය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ඩොලර් 45,460 ක් දෙසැම්බර් මස 07 වන දින පරිත්‍යාග කරන ලදී.

ස්තූපය ඉදිකිරීමට අවශ්‍ය ගල් කැටයම් නිර්මාණය කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍යව තිබූ  ස්වයංක්‍රීය ‘පරිගණක සංඛ්‍යාත්මක පාලන’ (සීඑන්සී) යන්ත්‍රයක් මිලදී ගැනීම සදහා මෙම පරිත්‍යාගය යොදා ගැනේ.

ස්තූපය වටා ඉදිකිරීමට නියමිත ආරක්ෂක ප්‍රාකාරය සහ කැටයම් ද්වාර නිර්මාණය කිරීම සඳහා මෙම ගල් කැටයම් යොදා ගැනේ.

මහජන චීන සමුහාණ්ඩුව වෙනුවෙන් ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් මෙම මූල්‍යමය පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලදී.

මෙම අවස්ථාව මගින් දෙරට අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.