ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 03, 2019

ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර රාජකාරිමය වශයෙන් දෙපාර්ශවයට වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.