සමස්ත ලංකා ශිෂ්‍යභට අපරදිග තුර්යවාදන අභියෝගතා
කුසලාන කඳවුර - 2024 පැවැත්වේ                         
                        
                          ඔක්තෝම්බර් 04, 2024                            
                        
                    2024 වර්ෂය සඳහා වන සමස්ත ලංකා ශිෂ්‍යභට අපරදිග තුර්යවාදන අභියෝගතා කුසලාන කඳවුර පසුගියදා (ඔක්. 02 දින) රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙවර තරඟාවලිය සඳහා බාලක තූර්ය වාදක කණ්ඩායම් 37 ක් සහ බාලිකා තූර්ය වාදක කණ්ඩායම් 09 ක් සහභාගි වූහ. මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ඔහු විසින් ජයග්‍රාහකයින් වෙත අභියෝගතා කුසලාන ප්‍රදානය ද සිදුකරනු ලැබිය.
එහිදී බාලක තූර්ය වාදක කණ්ඩායම් සඳහා වූ මේජර් ජෙනරල් ටී අයි වීරතුංග අභියෝගතා කුසලානය - 2024 වසරේ ශුරතාවය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර, බාලිකා කණ්ඩායම් සඳහා වූ බ්‍රිගේඩියර් ඒ ඊ ආර් අබේසිංහ අභියෝගතා කුසලානය - 2024 වසරේ ශුරතාවය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.