ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි                        
                        
                          නොවැම්බර් 07, 2024                            
                        
                    ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් කපිල දොලගේ අද (නොවැ 07) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම සුහද සාකච්ඡාවේදී ඉදිරි ආරක්‍ෂක අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අනාගත නායකයන් ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් සූදානම් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළහ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද, සිදු විය.