ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩබලන ආරක්‍ෂක
 අමාත්‍යවරයා ලෙස පත් කෙරේ                        
                        
                          ජනවාරී 14, 2025                            
                        
                    අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා චීනයේ සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (ජන.13) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්වයාමත් සමඟ ඔහු දිවයිනේ නොමැති කාලය තුල ප්‍රධාන අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් 5 දෙනෙකු පත්කර තිබේ.
මෙම පත්වීම් මගින් ඩිජිටල් ආර්ථිකය, ආරක්‍ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය මෙන්ම, ප්‍රවාහන, අධිවේගී මාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ආවරණය වේ.
ඒ අනුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පත්කර ඇත.