නියෝජ්‍ය ආරක්‍ෂක  අමාත්‍යවරයා 
 වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ                        
                        
                          පෙබරවාරි 10, 2025                            
                        
                    2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා අද (පෙබ 10) දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර ඇත.
ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා මෙන්ම, ජනාධිපතවරයා සමඟ සංචාරයට එක්වන අමාත්‍ය විජිත හේරත් මැතිතුමා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙසේ වැඩබලන අමාත්‍යවරු පත් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව,ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය වරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මැතිතුමා,වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය වරයා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික),මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය වරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමාද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය වරයා ලෙස විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මැතිතුමාද පත්කර ඇත.