එයාර් චීෆ් මාෂල් ‘පැඩි මෙන්ඩිස්’ උපහාර උළෙල

ජනවාරී 02, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවමාන පුරාවෘත්තයක් වන එයාර් චීෆ් මාෂල් දේශමාන්‍ය පත්මන් මෙන්ඩිස් මහතාට උපහාර දැක්විමේ උත්සවයකට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජනවාරි 1) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සහභාගි විය.

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත මෙම වර්ණවත් අවස්ථාව සංවිධානය කර තිබූ අතර එහිදී ‘පැඩි මෙන්ඩිස්’ ලෙසින්  හඳුන්වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම  විශිෂ්ට රණවිරුවා වෙත ගුවන්  හමුදා උත්තමාචාරද පිළිගැන්විණි.

එයාර් චීෆ් මාෂල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ ඉතිහාසයේ ලාබාලතම ‘හමුදාපතිවරයා’ ලෙස වාර්තාවක් තබා ඇති අති දක්ෂ දක්ෂයෙක්’ බව උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන ලදි .

මෙම ගෞරවය ඔහුට පිරිනැමුවේ අභියෝගාත්මක කාලයකදී යැයි සදහන් කරමින් ඔහු පවසා සිටියේ, “රට කැරැල්ලක පැටලී සිටින අවස්ථාවකදී සහ ගුවන් හමුදාව සිය ශක්තිය වැඩි කරගනිමින් සිටි වකවානුවක දී එයාර් චීෆ් මාෂල් මෙන්ඩිස් මෙම අභියෝගයන්ට මුහුණ දුන්නා පමණක් නොව එය කැපී පෙනෙන ආකාරයෙන් සිදු කළා”, යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසීය.

සිය ධුර කාලය තුළ රාජකීය ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විම පිළිබඳව සඳහන් කල ජෙනරාල් ගුණරත්න මහතා “ඔහු රාජකීය ගුවන් හමුදා පියාසර පුහුණු පාසලෙන් පාඨමාලා හදාරන ලද පළමු පියාසර උපදේශකවරයා වෙමින්, අංක 2 පියාසර බලඝනයේ පළමු අණදෙන නිලධාරියා වෙමින් හා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නම් කිරීමෙන් පසු ප්‍රථම හමුදාපතිවරයා වෙමින් ගුවන් හමුදාවේ විවිධ අංශ තුළ පෙරගමන්කරුවෙකු වුනා”, යැයි පැවසීය.

අද වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පවතින බොහෝ පරිපාලන හා සැපයුම් කාර්යයන් හා ව්‍යුහයන් ඔහුගේ වෙහෙස හා කැපවීමේ ප්‍රතිඵලයක් බව ආරක්ෂක ලේකම් සිහිපත් කළේය.

අනාගත හමුදා පරම්පරාවන් වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ “ඔබ සැවොම එයාර් චීෆ් මාෂල් මෙන්ඩිස්ගේ ජීවිතය හා සේවය ප්‍රමුඛ උදාහරණයක් ලෙස ගත යුතු” බවයි.

මෙලෙස අද දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසයේ වැදගත් නියමුවෙකු  වෙත  උපහාර දැක්වීම ගැන ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රශංසා කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා එයාර් චීෆ් මාෂල් මෙන්ඩිස් වෙත සිහිවටනයක් ද පිරිනමන ලදී.

මෙම උපහාර උළෙලට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, හිටපු ගුවන් හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය ද සහභාගී විය.