ගංවතුර හමුවේ ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත්
 කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන බැතිමතුන් හට නාවික හමුදාව සහන සලසයි                        
                        
                          මාර්තු 06, 2025                            
                        
                    අයහපත් කාළගුණික තත්වය හමුවේ අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව 2025 මාර්තු මස 04 වැනි දින, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසීය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා පැමිණි බැතිමතුන් හට ආරක්‍ෂිතව එම පුණ්‍ය කටයුත්තට සහභාගී වීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායමක් අනුයුක්ත කෙරුණි.
තවද, ගිනිකොන නාවික විධානයේ ආඥාපතිගේ අධික්‍ෂණයෙන් නාවික හමුදා සහන කණ්ඩායම අනෙකුත් සහන කණ්ඩායම් සහ පාර්ශවයන් හා එක්ව බැතිමතුන් හට වන්දනාමාන කිරීම සඳහා පහසුකම් සැලසීම ඇතුළු අවශ්‍ය සහන සැලසීම, සාර්ථකව සිදු කෙරිණි.
අනුග්‍රහය - www.navy.lk