ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව
 නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) සිය ධුරයේ වැඩ භාර ගනී                        
                        
                          මාර්තු 20, 2025                            
                        
                    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) ලෙස බ්‍රිගේඩියර් ප්‍රදීප් රත්නායක පසුගියදා (මාර්තු 14 දින) නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් රත්නායක, මෙම නව පත්වීම භාර ගැනීමට පෙර, 221 පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් වශයෙන් සේවය කොට ඇත.