ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකා දෙකක්
 සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි                        
                        
                          අප්‍රේල් 02, 2025                            
                        
                    ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ Bungo සහ Etajima යන නෞකාවන් නිල සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 1) දින කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකාවන් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
මීටර් 141ක් දිග Uraga-Class Minesweeper Tende වර්ගයට අයත් ‘BUNGO’ නෞකාව කමාන්ඩර් Tanaka Koji අණ යටතේ පවතින අතර, මීටර් 65ක් දිග Etajima නෞකාව වෙත කමාන්ඩර් Oda Takayuki විසින් අණදීම සිදුකරනු ලබයි.
ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුල, නැව්මුළුව කොළඹ ප්‍රධාන සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිතව ඇති අතර, මෙම නෞකා අප්‍රේල් 4 වන දින දිවයිනෙන් නික්ම යාමට නියමිත බවද, එහි වැඩිදුරටත් සඳහන් වේ.