80 වන රුසියානු විජයග්‍රහණ දින සැමරුමට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වේ
මැයි 06, 2025
රුසියානු සමූහාණ්ඩුවේ 80 වන විජයග්‍රහණ දින සංවත්සරය ඊයේ (මැයි 05) දින කොළඹ රුසියානු මන්දිරයේදී සමරනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) දෙවන ලෝක සංග්‍රාමයේදී ඔවුන් කරන ලද කැපකිරීම් අගය කරමින් දේශනයක් පැවැත්විය.
මෙදින සන්ධ්‍යාවේ පැවති වැඩසටහනට දෙවන ලෝක සංග්‍රාමයේදී ජිවිත පුදකල අයවළුන් සිහිපත් කිරීමේ පෙරහැරක් ඇතුළත් වූ අතර, ඉන් අනතුරුව රුසියානු තානාපති කාර්යාලයේ දරුවන් විසින් ඉදිරිපත් කරන ලද ආකර්ශනීය සංස්කෘතික රංගනයන්, එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වූ කල්පවත්නා මතකයන් ප්‍රදර්ශනය කළේය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා විසින් ආරක්‍ෂක ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. සංස්කෘතික ශාඛාවේ ප්‍රධානී සහ රුසියානු තානාපති කාර්යාලයේ උපදේශක Maria L. Popova මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.