16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය 
ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ                        
                        
                          මැයි 18, 2025                            
                        
                    16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.
ජාතියේ ස්වෛරීභාවය, එකමුතුකම සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහා තම ජීවිත හා ශරීර අවයවයන් පවා පරිත්‍යාගයෙන් උත්තරීතර සේවයක් සිදුකළ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිර්භීත සාමාජිකයන් හට ජාතියේ ගෞරවණීය උපහාරය පුදනු වස් මෙම සැමරුම් උත්සවය හෙට දින පස්වරු 4:00 සිට 6:00 දක්වා පැවැත්වීමට නියමිතය.