ආරක්‍ෂක අමාත්‍යංශ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවයි
මැයි 20, 2025ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛණයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත. ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 20) දින ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී සිදු විය.
මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුල දුෂණය අවම කිරීම සහ සුපිලිපන් බව ඉහල නැන්වීම වන අතර, මෙමගින් දුෂණ අවදානම් හදුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්‍ෂණය කෙරෙන අතර සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දුෂණ මර්ධන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කල යුතු වේ.
මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයදීම රාජ්‍ය නිලධාරීන් වන අප සියළු දෙනාගේ පුර්ණ වගකීමක් වන බවත්, බලාපොරොත්තු වන පරිදි නිසි අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරගත හැකි සාර්ථක ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කිරීමටද, ආරක්‍ෂක ලේකම්වරයා විසින් කටයුතු සිදු කරන ලදි.
ආරක්‍ෂක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය වෙත මෙම වැඩසටහන හදුන්වාදීම මෙම ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංගනී හේවාරත්න මහත්මිය විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් - ක්‍රමසම්පාදන හා ආරක්‍ෂක අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක්ද, සහභාගී විය.