ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා
ඉතිහාස ග්‍රන්ථය එළිදක්වයි
මැයි 22, 2025
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වන බලඇණියේ නිල ඉතිහාස පොත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 21) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් එළිදක්වන ලදි. මෙම එළිදැක්වීම එම බලඇණියේ 75 වන සංවත්සරය සැමරීමට සමගාමිව සිදුකරන ලදි.
එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් මානද යහම්පත් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
රෙජිමේන්තුවේ කීර්තිමත් ඉතිහාසය හා කල සේවය පිළිබිඹු කරන ප්‍රධාන දේශනය හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකු හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු හමුදාධිපතිවරයෙකු වන ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) විසින් සිදුකරන ලද අතර, දේශනයෙන් පසුව, සමරු පොතේ පළමු පිටපත් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සහ අනෙකුත් ගෞරවනීය සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීම සිදු විය.
මෙහිදී, නවීන ප්‍රවේශ්‍යතාවයට අනුකූලව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල වෙබ් අඩවිවල ඉතිහාස පොතේ විද්‍යුත් අනුවාදයන් ද එකවර දියත් කිරීමද සිදු විය.
මෙම අවස්ථාවට හිටපු හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම රෙජිමේන්තුවේ පුරාවෘත්තීය අතීතයේ වැදගත් කාර්යභාරයක් ඉටු කල අය විය.
මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා පාබල හමුදාව දශක ගණනාවක් පුරා ජාතියට කළ සේවය,ප්‍රෞඩ ඉතිහාසය, කැපකිරීම් සහ නොසැලෙන කැපවීමට උපහාරයක් ලෙස පවතී.