ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනය උත්කර්ෂවත් ලෙස අවසන් වේ
මැයි 23, 2025ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනයේ සමාප්ති උත්සවය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 23) කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් උත්සව ශාලා පරිශ්‍රයේදී පැවත්විය.
මැයි 19 වන දින ආරම්භ වූ මෙම මහා සභා රැස්වීම සහ සම්මේලනය, හමුදා ක්‍රීඩා නායකයින් සහ සාමාජික රටවල නියෝජිතයින් එක්රැස් කරමින් හමුදා ක්‍රීඩා අනාගතයට බලපාන වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.
ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩල නියෝජනය කරමින්, මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන යුද හමුදාපතිවරයා එහි උප සභාපතිවරුන් වන නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සමඟ සමාප්ති උත්සවයට සහභාගී විය.
සමාප්ති දේශනය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති කර්නල් නිල්ටන් ගෝමස් විසින් පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ධජ පහත් හෙලීම සහ දෙරටෙහි ජාතික ගී වාදනය කිරීම ඇතුළත් විය. තවද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ගෞරව ප්‍රධානයක් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත මෙහිදී පිරිනමන ලදී. එමෙන්ම කවුන්සිලයේ ධජය ඊළඟ සත්කාරක රටට චාරිත්‍රානුකූලව භාර දෙන ලදී.
ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී සභාව අමතමින් රටේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ගෞරවනීය උත්සවය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ජාත්‍යන්තර නියෝජිතයින්ගේ සහභාගීත්වය, මිත්‍රත්වය සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ශක්තිය ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව ඔහු සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ යුරෝපය පුරා රටවල් 80 ක් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වූ 80 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ මහා සභා රැස්වීම සහ සම්මේලනයේ සමාප්තිය ආරක්‍ෂක ලේකම්වරයා නිල වශයෙන් ප්‍රකාශ කළේය.