සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිම රාජ්‍ය ඇමති හා ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙන්

ජනවාරී 04, 2021

සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය සහ එහි මධ්‍යම ලේඛනාගාරය විවෘත කිරිමේ උත්සවයට ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පන්නිපිටියේ දී අද (ජන්වාරි 04) දින සහභාගි විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ, රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු. චමල් රාජපක්ෂ මහතා විසින් ශාලාව විවෘත කළ අතර අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජෙනරාල්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද සහභාගි විය.

Sinhala.