හමුදාවෙන් රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් නැහැ - ආරක්ෂක ලේකම්

ජනවාරී 04, 2021

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසුවේ, රාජ්‍ය අරමුදල් ඉතිරි කිරීමේ අරමුණින් කැබිනට් තීරණයකට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව යුද හමුදාව වෙත පවරා ඇති බවයි.

අද (ජනවාරි 4) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, “රාජ්‍ය අංශයේ ආයතන හමුදා විසින් අත්පත් කර ගැනීමක් සිදුවන්නේ නැහැ”, යනුවෙනි.

මෙම ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරමින් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ “මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ක්‍රියාවලියන් නොවෙනස්ව පවතින අතර යුද හමුදාව සම්බන්ධ වන්නේ මුද්‍රණ ක්‍රියාවලියට පමණයි ”.

මෙය රජය විසින් ඉදිරිපත් කරන ලද ස්ථිර පියවරක් නොවන බව යළිත් අවධාරණය කරමින්, “හමුදා සඳහා තවත් බොහෝ රාජකාරි තිබෙනවා විශේෂයෙන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අපි ඔවුන්ව ඒ සඳහා තවත් ශක්තිමත් ආකාරයෙන් යොමු කරනවා”, ඔහු පවසා සිටියේය.

මේ අතර, සංචාරක ක්ෂේත්‍රය නැවත ආරම්භ කිරීම සඳහා ඇරැඹූ නියමු ව්‍යාපෘතියකට අනුව යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ ගැටලුවකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේ “අප වැඩක් නැවත ආරම්භ කරන විට අඩුපාඩුකම් සිදුවිය හැකියි නමුත් ඒවා හඳුනාගෙන නිවරදි පිළියම් යෙදිය යුතුයි ” යනුවෙනි.

“සංචාරක ක්‍ෂේත්‍රය නැවත නගා සිටුවීම අවශ්‍ය වන්නේ හෝටල් හිමියන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඇති හෙයිනි” යනුවෙන් කොවිඩ් 19 සඳහා වන එන්නත රට තුළට ඉක්මනින් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරමින් ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

කොරෝනා මරණ ආදාහනය පිළිබඳ මතභේදාත්මක ගැටලුවට තවදුරටත් පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “වැඩි කල් යන්නට මත්තෙන් රජය පැහැදිලි තීරණයක් ගනු ඇති” බවයි.

බන්ධනාගාර පරිශ්‍රයට නිතිවිරෝධි භාණ්ඩ විසි කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “අපි මේ දක්වා බන්ධනාගාර පද්ධතිය විධිමත් කර තිබෙනවා” සහ “අපි තවදුරටත් බන්ධනාගාරවල ආරක්ෂාව වැඩි කර ඇති අතර පළපුරුදු බන්ධනාගාර නිලධාරින් පද්ධතිය විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත”, යනුවෙනි.

“ආරක්ෂාව පමණක් නොව, සිරකරුවන්ට ලබා දී ඇති පහසුකම් පිළිබඳව ද අපි සොයා බැලුවා”, ඔහු සඳහන් කළේය.

“මත්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් සිරකරුවන් වැඩිවීම නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදු කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක්” යැයි ප්‍රකාශ කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ “ඇප ලබාගත් අය අතර නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් ද සිටින” බවයි.

ඔවුන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරනු ඇති අතර ඇපදීම පිටුපස ඇති අරමුණ එය බව ජෙනරාල් ගුණරත්න තර්ක කළේය.

ආරක්ෂක ලේකම් යළිත් කියා සිටියේ “රටේ සමස්ත බන්ධනාගාර පද්ධතියම ප්‍රතිසංස්කරණය කරනු ඇති” බවයි.

වසංගතය මධ්‍යයේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ මහා පරිමාණ මෙහෙයුම් ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ, “නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් දිගටම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (ජනවාරි 04) අයිස් කිලෝ 104 ක් සහ හෂිෂ් කිලෝ 80 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ එය සනාථ වනවා”, ලෙසයි.

“දහස් ගණනින් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් දැන් දිවයිනට පැමිණෙන්නේ නැත”, යනුවෙන් පවසමින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා යොදාගත් යාන්ත්‍රණය අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.