නව ඇමරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවේ
ජුනි 18, 2025ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් අද (ජුනි 18) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ලුතිනන් කර්නල් හවුස් උණුසුම් ලෙස පිළිගත් අතර, ඔහුගේ නව රාජ්‍ය තාන්ත්‍රික පත්වීම වෙනුවෙන් සුභාශිංශන එක් කරමින් සුහද සාකච්ඡාවක නිරත විය. මෙම හමුව තුලින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව සහ හවුල්කාරිත්වය නැවත වරක් තහවුරු කෙරිණි.
මෙම හමුවීමට ලුතිනන් කර්නල් හවුස් සමඟ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන් ද එක් විය. එහිදී ඔහු තම අනුප්‍රාප්තිකයා අමාත්‍යවරයා වෙත හඳුන්වා දුන් අතර, සිය ධූර කාලය තුල තමා වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට ස්තූතිය පුද කරන ලදි.
දෙරට අතර ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලුතිනන් කර්නල් නෙල්සන් දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුට ප්‍රශංසා පුද කළ අතර, සාර්ථක ධුර කාලයක් සඳහා ලුතිනන් කර්නල් හවුස් වෙත සිය සුභ පැතුම් එක් කළේය. තවද, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව පුළුල් කිරීම සහ කලාපීය ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙරටේම පොදු කැපවීම මෙම හමුවීදී ඉස්මතු විය.