ජපාන රජයේ සහයෝගයෙන් තැනැත්තන් වෙළදාම පිළිබඳ දැනුවත් කිරීමට දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි
ජුනි 24, 2025තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හා එක්ව තැනැත්තන් වෙළදාම පිළිබඳ දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් අද (ජුනි 24) දින ආරම්භ කරනු ලැබීය. ජපාන රජයේ මුලය ආධාර ඔස්සේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ඔස්සේ තැනැත්තන් වෙළදාම හා සම්බන්ධ අන්තරාදායක තත්වයන් පිළිබඳ ඉස්මතු කරන අතර, එවැනි ජාවාරම් සම්බන්ධ සැක සහිත සිද්ධීන් පිළිබඳ වාර්තා කිරීමට ජනතාව දිරිමත් කරයි.
තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය ලෙස, අපි සියලු පුරවැසියන්ගේ ගෞරවය සහ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට කැපවී සිටින බවත්, මෙම මාධ්‍ය ව්‍යාපාරය මගින් තැනැත්තන් වෙළඳාමට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සාමූහික වගකීම තවදුරටත් අවධාරණය කරන බව තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කරන ලදි.
තවද, මෙම නීති විරෝධී ක්‍රියා පිළිබඳ සමාජයේ දැනුවත්භාවය වැඩි කිරීමෙන් සහ අදාළ අංශ හරහා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමෙන්, පුද්ගල ශ්‍රමය සූරාකෑමට ඇති අවස්ථා නවතා මෙවැනි ක්‍රියා පිටුපස සිටින අපරාධකරුවන් හට නීතිය ක්‍රියාත්මක කර අගතියට පත් පුද්ගලයන් හට ලැබිය යුතු සහයෝගය නිසියාකාරව ලැබෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අපගේ අරමුණ බවද, ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන ලදි.
බලහත්කාරයෙන් සිදුවන ශ්‍රම ජාවාරම, ලිංගික බලහත්කාරය, ළමා ශ්‍රමකයින් යෙදවීම සහ සයිබර් අපරාධ සඳහා පුද්ගලයින් බලහත්කාරයෙන් යෙදවීම ඇතුළු විවිධ ආකාරයේ නීතිවිරෝධී ජාවාරම් පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණු වන අතර, තැනැත්තන් වෙළදාමට එරෙහිව සටන් කිරීමට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ඉන් ආරක්‍ෂා කිරීමට පවතින හදිසි අවශ්‍යතාවය පිළිබඳවද, මෙම වැඩසටහනේදි අවධාරණය කරනු ලබයි.
තැනැත්තන් වෙළදාම වැනි මිනිස් ජාවාරමිවලට හසු වී දිවි ගලවා ගත් පුද්ගලයන්ගේ සැබෑ ජීවිත අත්දැකීම් වලින් ආභාෂය ලැබූ කථා ඇතුළත් බහු - මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් මෙරට ප්‍රමුඛ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා හරහා විකාශනය කිරීමටත්, මීට අමතරව වඩාත් පුළුල් ප්‍රවේශයක් ඇතිකිරීමේ අරමුණින් ඉලක්කගත දිස්ත්‍රික්කවල දැන්වීම් පුවරු හරහා දැනුවත් කිරීම් පුළුල් කිරීමට ද, නියමිතව ඇත.
මෙම ව්‍යාපාරය ඔස්සේ රූපවාහිනී නරඹන්නන් සහ ශ්‍රාවකයින් හට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකයට සම්බන්ධ විය හැක. එහිදී ඔවුන්ට විවිධ අකාරයෙන් සිදුකෙරෙන තැනැත්තන් වෙළදාම පිළිබඳ සිදුවීම් වාර්තා කිරීමට හෝ ඊට අවශ්‍ය සහාය ලබා ගත හැකි වනු ඇත. තවද, තැනැත්තන් වෙළඳාම නිරීක්‍ෂණය කිරීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට (2021-2025) අනුකූලව ක්‍රියාත්මක මෙම වැඩසටහන, තැනැත්තන් ජාවාරම පිටුදැකීමට රටේ ජනතාවගේ ප්‍රතිචාරයන් ශක්තිමත් කිරීමේ පුළුල් උත්සාහයේ එක් කොටසක් වනු ඇත.
තැනැත්තන් වෙළඳාම දරුණු අපරාධයක් ලෙස තවමත් සමාජයේ ක්‍රියාත්මකව පවතින අතර, මෙම ගැටලුව ඵලදායී ලෙස විසඳීමේදී සමාජ දැනුවත්භාවය එහි මූලික පියවරයි. වඩාත් ඵලදායි ලෙස ජනතාව ආමන්ත්‍රණය කිරීමට ජනමාධ්‍ය වෙත පවතින හැකියාවන් උපයෝගී කර ගනිමින්, මහජනතාව දැනුවත් කිරීම මගින් සියලුම ශ්‍රී ලාංකිකයින් තැනැත්තන් වෙළඳාම වැලැක්වීමේ මූලික තොරතුරු සපයන්නන් ලෙස උනන්දු කරවීම සහ ඒ සඳහා ඔවුන්ට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම මාධ්‍ය ව්‍යාපාරය තැනැත්තන් වෙළඳාම හේතුවෙන් වින්දිතයන් බවට පත්ව නිහඬව සිටින පුද්ගලයන් හට බලාපොරොත්තුවේ ආලෝකයක් වනු ඇත. එය අප සැමට එකට නැගී සිටීමට, අපගේ හඬ අවදි කිරීමට සහ තැනැත්තන් වෙළඳාමට ලක්ව දිවි ගලවා ගත් සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීම සඳහා ඔවුන්ට සවන් දීමට, සහාය වීමට සහ බලගැන්වීමට ක්‍රියා කිරීමට කරන සිහි කැඳවීමක් වන බවත්, එක්ව ජීවිත බේරා ගැනීම සහ සංක්‍රමණික පුද්ගලයින් ආරක්‍ෂා කිරීම යන ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ උපායමාර්ගික අරමුණට අනුකූලව, මේ ඔස්සේ අපට පුද්ගල ශ්‍රමය සූරාකෑමට කිසිදු අවස්ථාවක් නොමැති සහ සෑම පුරවැසියෙකු සඳහාම ගෞරවනීය ලෙස ජීවත් විය හැකි අනාගතයක් නිර්මාණය කළ හැකිය, යනුවෙන් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මෙහෙවර ප්‍රධානී Kristin Parco මහත්මිය එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
ජපාන තානාපති ගරු ISOMATA Akio මැතිතුමා අදහස් දක්වමින් ජපානය තම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ප්‍රධාන කුළුණුවලින් එකක් ලෙස මානව ආරක්‍ෂාව පිළිබඳ සංකල්පය පිළිගන්නා බවත්, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සමීපව කටයුතු කරන බවත්, ප්‍රකාශ කරන ලදි. තවද, ශ්‍රී ලංකාවේ, තැනැත්තන් වෙළදාම වැළැක්වීම, සංක්‍රමණික සේවකයින්ට සහාය වීම, වෘත්තිය පුහුණුව ප්‍රවර්ධනය කිරීම මෙන්ම, තැනැත්තන් වෙළෙඳාමට ගොදුරුවූවන් බේරා ගැනීම සහ ඔවුන් සමාජයට ප්‍රතිසංකලනය කිරීම සඳහා ජපානය සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු සිදුකරනු ලබන බවද සඳහන් කරන ලදි.
තවදුරටත් අදහස් දැක වූ ජපාන තානාපතිවරයා, තැනැත්තන් වෙළෙඳාම ඵලදායි ලෙස වැළැක්වීම සඳහා සමස්ත සමාජ ප්‍රවේශයක් අනුගමනය කිරීම සහ ඉලක්කගත සම්බන්ධතා සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර හරහා සමාජය තුළ ඇති අවදානම් අවම කිරීම අත්‍යවශ්‍ය වන බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මාධ්‍ය ව්‍යාපාරය වැදගත් කම ඉස්මතු කරමින් එය අපගේ ක්‍රියාකාරකම් අතර අත්‍යවශ්‍ය අංගයක් වන බවද සඳහන් කරන ලද අතර, තැනැත්තන් වෙළඳාමට එරෙහිව මුහුණදීම සඳහා ලොව පුරා කරගෙන යන්නාවු වැඩපිළිවෙල දිගින් දිගටම කරගෙනයාමට ජපානය ස්ථිරවම කැපවී සිටින බවද, මෙම අවස්ථාවේ වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.
තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 0768 447 700 අංකයට සැක සහිත තැනැත්තන් වෙළඳාම් හා සම්බන්ධ සිදුවීම් වාර්තා කරන ලෙස ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය සහ තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සියලු ශ්‍රී ලංකා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වන්න
Minoli Don මහත්මිය, - ආරක්‍ෂණ ඒකකයේ ප්‍රධානී, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (ශ්‍රී ලංකාව)
දුරකථන අංකය - 0094 777 409 409
විද්‍යුත් තැපැල් ලිපිනය - mdon@iom.int
අසෙල් කුලරත්න මහතා, - සන්නිවේදන නිලධාරී, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (ශ්‍රී ලංකාව) විද්‍යුත් තැපැල් ලිපිනය - akularatne@iom.int
ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික පුද්ගලයන් පිළිබඳ වගකියනු ලබන ආයතනය වන අතර රාජ්‍ය, අන්තර් රාජ්‍ය සහ රාජ්‍ය නොවන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන පුද්ගල සංක්‍රමණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අන්තර් රාජ්‍ය සංවිධානයකි. සංක්‍රමණ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණ ගැටළු සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට සහාය වීම සහ සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් ඇතුළු අවශ්‍යතා සහිත සංක්‍රමණිකයින්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමට මෙන්ම, මානුෂීය ආධාර සැපයීම සහතික කිරීමටද, එම ආයතනය කටයුතු කරනු ලබයි.