ආරක්‍ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කිරීමට සරල පියවරක්

ජුලි 11, 2025

රාජ්‍ය අංශයේ දුෂණ මැඩලීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ චක්‍ර ලේඛණයට අනුව සියලු රාජ්‍ය ආයතන තුල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට කටයුතු සිදු කරන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රය තුල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහුටුවිම පසුගිය මැයි 20 දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

එම වැඩසටහන යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රය තුල සේවය කරන කර්යය මන්ඩල සාමාජිකයින්ට මෙන්ම, පුරවැසියන් හට පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කිරීමට පහසු වන පරිදි පැමිණිලි පෙට්ටි කිහිපයක් ස්ථානගත කිරීම අද (ජූලි 11) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.

මෙම මුලපිරීම ඔස්සේ රාජ්‍ය සේවයේ අඛණ්ඩතාවයට අදාළ යෝජනා, දුක්ගැනවිලි සහ ගැටළු රහසිගතව ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙන අතර, එමගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ද ආරක්‍ෂා වනු ඇත. තවද, රාජ්‍ය පරිපාලනය තුල පුරවැසි සහභාගීත්වයද ශක්තිමත් කිරීමටද හැකියාව ලැබෙනු ඇත.