Aegis Lexicon - 2025 සයිබර් ආරක්‍ෂක වැඩමුළුව
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ
අගෝස්තු 05, 2025
- ආරක්‍ෂක සයිබර් විධානය සිය දෙවන සංවත්සරය සමරයි
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්‍ෂක සයිබර් විධානය, AEGIS LEXICON - 2025 සයිබර් ආරක්‍ෂක වැඩමුළුව ජූලි 29 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. 2023 අගෝස්තු 03 වන දින පිහිටුවන ලද ආරක්‍ෂක සයිබර් විධානය එහි දෙවන සංවත්සරය සැමරීම සඳහා මෙම වාර්ෂික උත්සවය සංවිධානය කරන ලද අතර, එය ඩිජිටල් ආරක්‍ෂාව සහ සයිබර් ආරක්‍ෂණ හැකියාවන් කෙරෙහි ශ්‍රී ලංකාවේ වර්ධනය වන සූදානම ඉස්මතු කළේය.
ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක සයිබර් විධානය පූර්ණ සයිබර් බලකායක් බවට පරිණාමය වීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. අමාත්‍යාංශයේ පුළුල් ආරක්‍ෂක අරමුණු සමඟ අනුගත වෙමින් සයිබර් අවකාශයේ පුළුල් ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපායමාර්ගික මෙහෙයුම් සහ උපක්‍රමශීලි ක්‍රියාත්මක වීමට ආරක්‍ෂක සයිබර් විධානය සමත් විය යුතු බවද, මෙම අවස්ථාවේ ඔහු අවධාරණය කළේය.
මෙම වසරේ වැඩසටහන “National Security in the Age of AI and Cyber - Physical Convergence” යන තේමාව යටතේ පවත්වන ලද අතර, වේගයෙන් විකාශනය වන තාක්‍ෂණික තර්ජන හමුවේ ඔරොත්තු දෙන සයිබර් ආරක්‍ෂක යාන්ත්‍රණයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරන ලදි. මෙම උත්සවය ආරක්‍ෂක සයිබර් විධානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ධම්මික විදානලාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදි.
මෙම විද්වත් කතිකාවේදී සයිබර් අවකාශයේ ජාතික ඔරොත්තුදීමේ හැකියාව සහතික කිරීම සඳහා සයිබර් සූදානම හා අන්තර් ආයතන සහයෝගීතාවයයෙන් දිගුකාලීන හැකියාවන් සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කළේය. තවද, අනාගත සයිබර් අභියෝගවලට මුහුණදීම සඳහා ජාතියේ උත්සාහයන් මෙහෙයවීමේදී ආරක්‍ෂක සයිබර් විධානය හි කාර්යභාරය ද ඉස්මතු විය.
මෙම අවස්ථාවට සයිබර් ආරක්‍ෂාව, කෘතිම බුද්ධිය, නීතිමය රාමු සහ ජාතික යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීම ආවරණය වන පරිදි තීක්‍ෂණ බුද්ධිය සහ තාක්‍ෂණික ඉදිරිපත් කිරීම් කිහිපයක් ඉදිරිපත් කරන ලදි. මෙහිදී බ්‍රිගේඩියර් ධම්මික විධානලගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් “Cyber Threat Landscape, in the age of AI and Quantum Computing” යන මාතෘකාව යටතේ හා ආචාර්ය හාන්ස් විජයසූරිය “Trust Frameworks Underlying Sri Lanka’s Digital Economy Advancement” යන මතෘකාව යටතේද, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කසුන් ද සොයිසා මහතා විසින් “The Algorithmic Battlefield: AI and the Future of National Defence” මතෘකාව යටතේද සිදුකරන ලද ඉදිරිපත් කිරීම් ඇතුළත් විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත බී. අබේසේකර විසින් ඉදිරිපත් කරන ලද “Legal Challenges in Strengthening Sri Lanka’s Cyber Security Framework” මාතෘකාව යටතේ ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමද, සිස්කෝ ලැබ්ස් හි ලසන්ත ප්‍රියංකර මහතාගේ "Cyber Security Governance and Protection of Critical Infrastructure” ඉදිරිපත් කිරීමද, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොෂාන් රාජපක්‍ෂ සහ කෙනත් තිලකරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද “Securing Against Cyber - Physical Attacks in the Evolving Threat Landscape” යන ඉදිරිපත් කිරීම් අනෙකුත් ප්‍රධාන ඉදිරිපත් කිරීම් විය.
මෙම වැඩසටහනේ ප්‍රධාන කැපී පෙනෙන අංගයක් වූයේ “Overcoming Cyber - Physical Challenges for National Security in Sri Lanka ” යන මැයෙන් පැවති සාකච්ඡාවයි. ඒ සඳහා රජයේ සහ ඩිජිටල් අංශයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් රැසක් සහභාගී විය. ඒ අතර, වරුණ ශ්‍රී ධනපාල මහතා (වැඩබලන ලේකම්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය) ආචාර්ය අපරාජිතා ආරියදාස මිය, ලක්මාල් ඇඹුල්දෙණිය මහතා, මේජර් සඳුන් ගුණවර්ධන, ලුතිනන් කොමාණ්ඩර් මෙෂෙක් හේවාවසම් යන අය විය.
කර්නල් දර්ශන මුතුගල ගේ නායකත්වයෙන් යුත් ආරක්‍ෂක සයිබර් විධානය තාක්‍ෂණික කණ්ඩායම විසින් පවතින සයිබර් තර්ජන ප්‍රදර්ශනය කරමින් සජීවී නිරූපණයක් පවත්වන ලදි. මෙම නිරූපණය මඟින් සහභාගිවන්නන්ට ශ්‍රී ලංකාවේ පරිණාමය වෙමින් පවතින සයිබර් ප්‍රතිචාර යාන්ත්‍රණයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන ලදි.
ජාතිය ආරක්‍ෂක සයිබර් විධානයේ දෙවන සංවත්සරය සමරන අවස්ථාවේදී, AEGIS LEXICON 2025 ශ්‍රී ලංකාවේ සයිබර් හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා වූ උපායමාර්ගික කැපවීම නැවත තහවුරු කළේය. තවද, මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා අඛණ්ඩ නවෝත්පාදනයන්, නීති ප්‍රතිසංස්කරණ සහ උපායමාර්ගිකව සූදානම් වීමේ අවශ්‍යතාවය සිහිපත් කළේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආරක්‍ෂක උත්සාහයන්ට මූලිකත්වය ලබාදීමට ආරක්‍ෂක සයිබර් විධානය කැපවී සිටින අතර, පරිවර්තන ඩිජිටල් යුගයේ ජාතික අවශ්‍යතා ආරක්‍ෂා කිරීම සඳහා සියලු ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ සයිබර් බලකායක් බවට පරිවර්තනය වීමටද සූදානමින් සිටී.