ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක්
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
සැප්තැම්බර් 09, 2025
ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු ආරක්‍ෂක, උපායමාර්ග සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජික Rahul Roy Chaudhury මහතා පසුගියදා (සැප්තැම්බර් 08) අමාත්‍යාංශ පරිශ්‍රයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
සිංගප්පූරුවේ ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම ආරක්‍ෂක සමුළුව වන Shangri-La සංවාදයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධව මෙම සුහද සාකච්ඡාවේදි විශේෂ අවධානයක් යොමු කළේය. එමෙන්ම මෙම හමුවේදි කලාපීය ආරක්‍ෂාව පිළිබඳ මෙරටේ ඉදිරි දැක්ම ප්‍රකාශ කිරීමට පමණක් නොව, ඉන්දු-පැසිෆික් කලාපයේ බහුපාර්ශ්වික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට ද, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම දෙපාර්ශ්වයම පිළිගත්තේය.
තවදුරටත් මෙම හමුවේදි Rahul Roy Chaudhury මහතා අවධාරණය කළේ Shangri-La සංවාදය ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ට, ආරක්‍ෂක අමාත්‍යවරුන්ට, හමුදා ප්‍රධානීන්ට සහ උපායමාර්ගික චින්තකයින්ට හදිසි ආරක්‍ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා අද්විතීය වේදිකාවක් සපයන බවය. එමෙන්ම ඔහු සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ නැගී එන කලාපීය තර්ජන පිළිබඳ සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ දායකත්වය වටිනාකමක් එක් කරන බව සඳහන් කළේය.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ මුලපිරීම අගය කරමින්, ජාත්‍යන්තර සහ කලාපීය ආරක්‍ෂක සංසදවල ඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළේය. ඉන්දියානු සාගරයේ උපායමාර්ගික සමුද්‍ර සන්ධිස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව, සාමය, ස්ථාවරත්වය සහ ආරක්‍ෂිත මුහුදු මාර්ග පිළිබඳ සංවාද සහ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
සංවාද හා හවුල්කාරිත්වය තුළින් හවුල් ආරක්‍ෂක අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟවීමත් සමඟ මෙම හමුව සාර්ථකව නිමා විය.