ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් හමුවෙයි
සැප්තැම්බර් 22, 2025ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් Dinesh K. Tripathi අද (සැප් 22) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදිත්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදීත් හමුවිය.
ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් Tripathi අද උදෑසන පළමුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවූ අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම හමුවේදි ඔවුන් ආරක්‍ෂක රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර වැඩි දියුණු කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම සහ අනෙකුත් සමුද්‍රීය අපරාධ වැනි සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය ආරක්‍ෂක තර්ජන මැඩපැවැත්වීම, සම්බන්ධ පුහුණු වැඩසටහන් හා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ හැකියාවන් ගොඩනැගීම සඳහා වන මුලපිරීම් පුළුල් කිරීම, සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කලහ.
පස්වරුවේ අද්මිරාල් Tripathi, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ අතර, එහිදී දෙරටේ හමුදා සබඳතා ශක්තිමත් කිරීම, පුහුණු අවස්ථා පුළුල් කිරීම, දෙරටේ සහයෝගීතාවයෙන් සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් ඔස්සේ ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය සඳහා කටයුතු කිරීම, නීති විරෝධී සහ නිසි නියාමනයකින් තොර ධීවර කටයුතු මැඩපැවැත්වීම, එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්‍ෂක ක්ෂේත්‍රයේ රාජ්‍යතාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීම ආදී කරුණු කිහිපයක් ඊට ඇතුලත් විය.