දේශීය ගිනිකෙළි නිෂ්පාදන නියෝජිතයින් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

සැප්තැම්බර් 24, 2025

මෙරට ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින නියෝජිතයින් පිරිසක් සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතර විශේෂ සාකච්ඡාවක් අද ( සැප්. 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදී ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන්නන් විසින් ඔවුන් දැනට මුහුණ දෙන මෙහෙයුම් සහ නියාමන අභියෝග සහ ගැටළු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදි. ආරක්‍ෂක ලේකම්වරයා එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරිපත් වූ ගැටළු සමාලෝචනය කර ඒවා විසඳීමට අවශ්‍ය පියවර ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

එම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන), ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.